පුටින් සහ මෝදි අතර සංවාදයක් – යුක්රේනය පිළිබඳ රුසියාවේ දිශානතියක් පැහැදිලි කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් පැවැත් වී තිබෙනවා.

ආයෝජන, බලශක්තිය, කෘෂිකර්මය, ප්‍රවාහනය සහ සැපයුම් වැනි ක්ෂේත්‍රවල ප්‍රායෝගික අන්තර්ක්‍රියා සඳහා ඇති අන්‍යෝන්‍ය අපේක්ෂාවන් පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි ද ඉකොනොමික් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ.රුසියානු-යුක්රේන ගැටුම පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති අතර ජනාධිපති පුටින් යුක්රේනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පිළිබඳ මූලික තක්සේරුවක් එහිදී ලබා දී තිබෙනවා.

G20 කණ්ඩායමේ සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඉන්දීය භුමිකාව ඇතුළුව ජාත්‍යන්තර සංවිධානවල රාමුව තුළ සමීප සම්බන්ධීකරණයක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද නායකයින් දෙදෙනා අවධාරණය කළ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර තිබුණා.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඉන්දියාව ප්‍රධානත්වය දරන කාලය තුළ දෙරට එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව‍යි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.නායකයින් දෙදෙනා එකිනෙකා සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වීමටද මෙහිදී එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් අගමැති මෝදි යළිත් අවධාරණය කර ඇත්තේ මෙය යුද්ධය සඳහා වන කාලයක් නොවන බවයි. සාමයේ මාවතේ ඉදිරියට යා හැකි ආකාරය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබී ඇති බවත් ආහාර, ඉන්ධන සුරක්ෂිතතාව සහ පොහොර ගැටලුවලට විසඳුම් සෙවීමට ක්‍රමෝපායන් සොයා ගත යුතු බවත් අගමැති මෝදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12