ප්‍රංශයේ ගින්නකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු 10ක් මරුට

ප්‍රංශයේ ලියොන් අසල මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.වෝල්ක්ස්-එන්-වෙලින් හි මහල් හතක මහල් නිවාසයක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

පුද්ගලයන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් තවත් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා .

ගිනි නිවන භටයින් 170 දෙනෙකු පමණ එම ස්ථානයට යවා ගින්න නිවා දමා තිබෙනවා

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gerard Darmanin පැවසුවේ ගින්නට හේතුව තවමත් නොදන්නා බවයි

මියගිය ළමුන් සියල්ලෝම වයස අවුරුදු 3ත් 15ත් අතර වයස්වල පසුවන්නන් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?