එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට මහත්මා ගාන්ධි පිළිරුවක්

මහත්මා ගාන්ධි යනු  සාමකාමී සහජීවනය සඳහා සම්මුති විරහිත උපදේශකයෙකු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා. ගාන්ධිගේ උඩුකය ප්‍රතිමාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මූලස්ථානයේ පිහිටුවීම යනු ඔහු විසින් ආරක්ෂා කළ සාරධර්ම සිහිපත් කිරීමක් බවද  මහලේකම්වරයා පෙන්වා දෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගුටරෙස් පැවසුවේ, මහත්මා ගාන්ධි සාමකාමී සහජීවනය, වෙනස් කොට  නොසැලකීම සහ බහුවිධතාව  සඳහා සම්මුති විරහිත උපදේශකයෙකු වූ බවයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ඉන්දීය  විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් විසින් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහත්මා ගාන්ධි පිළිරුවක් නිරාවරණය කිරීම පිළිබඳ අදහස් දක්වමිනි.

එම අවස්ථාවේදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රියතම භජන් ගායනය වන ‘වෛෂ්නව් ජන් තෝ’  ගායනා කර තිබුණා. ඉන්දියාව විසින් ත්‍යාග කරන ලද මහත්මා ගාන්ධිගේ උඩුකය ප්‍රතිමාව  එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ  උතුරු උද්‍යානයේ ස්ථානගත කරන ලද ගාන්ධිගේ පළමු ප්‍රතිමාවයි.

මෙම  මූර්තිය නිර්මාණය කළ ශිල්පියා වන්නේ  Statue of unity හෙවත්  එකමුතුවේ ප්‍රතිමාව සෑදූ රාම් වන්ජි සුතාර් ය. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කෙවාඩියා අසල පිහිටා ඇති , උසින් මීටර 182ක් වන එය ලොව උසම ප්‍රතිමාවයි.

ඉන්දීය  රාජ්‍ය පාලකයෙකු, නිදහස් ක්‍රියාකාරිකයෙකු සහ නිදහස් ඉන්දියාවේ පළමු නියෝජ්‍ය අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූ සර්දාර් වල්ලබ්භායි පටෙල්  එම ප්‍රතිමාවෙන් නිරූපනය කෙරෙන අතර ඔහුද මහත්මා ගාන්ධිගේ අනුගාමිකයෙකු වීම විශේෂත්වයක්.

ඉන්දීය  විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් නිව්යෝර්ක් නුවරට පැමිණ තිබුණේ  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේ මුලසුන දැරීම සඳහා ය. 2022 දෙසැම්බර් මාසය සඳහා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?