එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට මහත්මා ගාන්ධි පිළිරුවක්

මහත්මා ගාන්ධි යනු  සාමකාමී සහජීවනය සඳහා සම්මුති විරහිත උපදේශකයෙකු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා. ගාන්ධිගේ උඩුකය ප්‍රතිමාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මූලස්ථානයේ පිහිටුවීම යනු ඔහු විසින් ආරක්ෂා කළ සාරධර්ම සිහිපත් කිරීමක් බවද  මහලේකම්වරයා පෙන්වා දෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගුටරෙස් පැවසුවේ, මහත්මා ගාන්ධි සාමකාමී සහජීවනය, වෙනස් කොට  නොසැලකීම සහ බහුවිධතාව  සඳහා සම්මුති විරහිත උපදේශකයෙකු වූ බවයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ඉන්දීය  විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් විසින් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහත්මා ගාන්ධි පිළිරුවක් නිරාවරණය කිරීම පිළිබඳ අදහස් දක්වමිනි.

එම අවස්ථාවේදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රියතම භජන් ගායනය වන ‘වෛෂ්නව් ජන් තෝ’  ගායනා කර තිබුණා. ඉන්දියාව විසින් ත්‍යාග කරන ලද මහත්මා ගාන්ධිගේ උඩුකය ප්‍රතිමාව  එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ  උතුරු උද්‍යානයේ ස්ථානගත කරන ලද ගාන්ධිගේ පළමු ප්‍රතිමාවයි.

මෙම  මූර්තිය නිර්මාණය කළ ශිල්පියා වන්නේ  Statue of unity හෙවත්  එකමුතුවේ ප්‍රතිමාව සෑදූ රාම් වන්ජි සුතාර් ය. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කෙවාඩියා අසල පිහිටා ඇති , උසින් මීටර 182ක් වන එය ලොව උසම ප්‍රතිමාවයි.

ඉන්දීය  රාජ්‍ය පාලකයෙකු, නිදහස් ක්‍රියාකාරිකයෙකු සහ නිදහස් ඉන්දියාවේ පළමු නියෝජ්‍ය අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූ සර්දාර් වල්ලබ්භායි පටෙල්  එම ප්‍රතිමාවෙන් නිරූපනය කෙරෙන අතර ඔහුද මහත්මා ගාන්ධිගේ අනුගාමිකයෙකු වීම විශේෂත්වයක්.

ඉන්දීය  විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් නිව්යෝර්ක් නුවරට පැමිණ තිබුණේ  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේ මුලසුන දැරීම සඳහා ය. 2022 දෙසැම්බර් මාසය සඳහා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27