අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව අද (08) පස්වරු 5.00ට එම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදය දින 13ක කාලයක් පැවැත්වීමෙන් පසුවයි අද (08) දිනයේ දී ඡන්ද විමසීම සිදුකරනු ලබන්නේ.

මේ අතර අයවැය තෙවනවර ඡන්ද විමසීමේදීත් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළ අතර, ජාතික නිදහස් සභාව ලෙස තම මන්ත්‍රීවරුන් ද අද දිනයේ දී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළා.

2023 මුදල් වර්ෂයට අදාළ අයවැය පසුගිය නොවැම්බර් 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?