ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය කුලියට අරන් අතුරුදහන් වූ අයෙක් පොලිස් දැලේ

රුපියල් කෝටි දෙකකට අධික වටිනා ගොඩනැගිලි ඉදිකිරිම් උපකරන සහ විදුලි උත්පාදක යන්ත්‍ර කුලී පදනම මත ලබාගෙන අතුරුදන්ව සිටි පුද්ගලයෙකු මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මෙම වංචාවන්ට අමතරව ,අගරු චෙක්පත් ලබාදීම සහ මුදල් වංචා චෝදනාවන් රැසක්ද තිබෙන බවත් ඒ හේතුවෙන් ඔහුට 2014 වසරේ සිට අධිකරණ රැසකින් අසීමිත වරෙන්තු සංඛ්‍යාවක් නිකුත් කර ඇතැයි ද පොලීසිය කියයි.

ඊට අමතරව සැකකරුට එරෙහිව කඩවත පොලිසිය මගින් මහර අධිකරණයේ පැවරූ නඩුවකට විදේශ ගමන් ද තහනම් කර ඇතැයි පොලිසිය කියයි.

ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා උපකරණ කුලියට ලබා දෙන බොරලැස්ගමුව පිරිවෙන පාරේ ව්‍යාපාරිකයෙකු බොරලැස්ගමුව පොලීසියට පැමිනිල්ලක් කරමින් ඉකුත් අගෝස්තු මාසයේ දී රුපියල් ලක්ෂ හතළිස් පහක් පමණ වටිනා පලංචි සහ යකඩ බට තොගයක් රත්තනපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු රැගෙන ගිය බවත් ඔහු මෙතෙක් ඒවා රැගෙන නොආ බවත් ඔහු රත්තනපිටියේ ප්‍රදේශයේ නිවසේද නොමැති බව පවසමින් සිදු කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

නම් දෙකකින් පෙනී සිටින මෙම පුද්ගලයා මිද්දෙනිය ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට දමිත් මහත්මයා යන අන්වර්ථ නාමයක් හඳුන්වා දෙමින් සැණකෙළියක් පැවැත්වීමට මූලිකව කටයුතු කර තිබු බව පවසන පොලිසිය ඔහු එදින අත්අඩංගුවට නොගත්තානම් සැණකෙළියෙන් ලද ආදායමෙන් ලක්ෂ 20 ක පමණ මුදලක් රැගෙන පලා පළා යාමට සැලසුම් කර තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී යයි පොලීසිය කියයි.

සැකකරුට එරෙහිව විමර්ශන සිදු කරන අතරවාරයේදී කොහුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ද බොරලැස්ගමුව පොලීසියට පැමිනිල්ලක් කරමින් සැණකෙළියක ට යැයි පවසා කෝටි එකහමාරක ට අධික වටිනා විදුලි උත්පාදන යන්ත්‍ර දෙකක්
රත්තනපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු රැගෙන ගිය බව පවසමින් සිදුකළ පැමිණිල්ලට එරෙහිව ද සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී එම එක් විදුලි උත්පාදන යන්ත්‍රයක් වයික්කාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගෙන තිබූ මුදල් වලට හිලව් වීමට ලබා දී තිබියදීත් අනෙක් විදුලි උත්පාදන යන්ත්‍රය පිලියන්දල ප්‍රසිද්ධ උකස් මධ්‍යස්ථානයකට උගස් කර ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගේ නිවසේ ගබඩා කර තිබූ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදා ගන්නා පලංචි සහ යකඩ බට , මෙන්ම විදුලි උත්පාදන යන්ත්‍රයක්ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

උකස් තබා තිබූ විදුලි උත්පාදන යන්ත්‍රය ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකරු රත්තණපිටිය ලිපිනයට අමතරව කිරුළපන පොල්ගස්ඕවිට හා කළුතර ප්‍රදේශවල ලිපිනයන් හතරක් භාවිතා කරන බවත් ඒ හේතුවෙන් ඔහු සිටින ස්ථානයක් සොයා ගැනීමට ඔහුගේ වංචා වලට අසුවු පුද්ගලයන්ට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.

ඉතා සුළු වේලාවක් තුළදී මිනිසුන් මුලා කිරීමේ සහජ හැකියාවක් තිබෙන සැකකරු ගේ කතාබහට රැවටෙන බහුතරයක් පුද්ගලයන් ඔහුගේ මෙම වංචාවන්ට හසු වී ඇතැයි පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

39 හැවිරිදි සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.බොරැලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20