අධිකරණයට ඉදිරිපත් කළ ඊ.කුෂාන් රක්ෂිත බන්ධාගාරයට

අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ.කුෂාන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

සැකකරු අද (29) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඕමානයේ මස්කට් නුවර සිට මෙරටට පැමිණීමෙන් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්