රුපියල් 462ක් වටිනා කාසි 187ක් පුද්ගලයෙකුගේ උදරයෙන් එළියට ගනී

පුද්ගලයෙකුගේ උදරයේ තිබී කාසි 187ක් පිටතට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ උදරයේ තිබී ඉන්දීය රුපියල් පහේ කාසි 56ක්, දෙකේ කාසි 51ක් සහ රුපියලේ කාසි 80ක් වෛද්‍යවරුන් විසින් මෙලෙස පිටටට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා උදරයේ වේදනාවක් ගැන පැමිණිලි කිරීමෙන් පසු ඥාතීන් ඔහුව හංගල් ශ්‍රී කුමාරේෂ්වර් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව වෛද්‍යවරුන් විසින් ඔහුට සිදුකළ එක්ස් රේ පරීක්ෂාවකින් පසු සොයාගෙන ඇත්තේ මොහු විසින් කාසි ගිලදමා ඇති බවයි.

හරිජන් නමැති මෙම පුද්ගලයා මාස කිහිපයක සිට මෙලෙස කාසි ගිලදමා ඇති අතර, සැත්කමක් සිදුකර ඔහුගේ උදරයෙන් එළියට ගත් කාසිවල බර කිලෝග්‍රෑම් එක හමාරක් පමණ වන අතර ඒවායේ වටිනාකම ඉන්දීය රුපියල් 462ක් බවයි වෛද්‍යවරු පැවසුවේ.

“ඔහු මානසික රෝගයකින් පීඩා විඳි අයෙක්, ඔහු පසුගිය මාස දෙක තුනක පමණ සිට මෙම කාසි ගිලදමා තිබෙනවා. ඔහු රෝහලට පැමිණියේ වමනය සහ උදරයේ අපහසුතා ගැන පැමිණිලි කරමින්. ඔහුගේ රෝග ලක්ෂණ මත අපි එක්ස් කිරණ සහ එන්ඩොස්කොපි පරීක්ෂාවක් සිදු කළා. එහිදී බඩේ කාසි තියන බවට සොයා ගත්තා. ඒ නිසා අපි ඔහුට ශල්‍යකර්මයක් කරන්න තීරණය කළා.” යනුවෙන් හරිජන්ව සැත්කමට භාජනය කළ වෛද්‍ය ඊෂ්වර් කලබුර්ගි පවසා තිබෙනවා.

මෙලෙස ගිල දමා ඇති කාසි ඔහුගේ බඩේ විවිධ ස්ථානවල සිරවී ඇති අතර, පැය දෙකක පමණ ශල්‍යකර්මයකින් පසු ඒවා ඉවතට ගත් බවයි එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

පසුගිය ඉරිදා දිනයේ මෙම සැත්කම සිදුකර ඇති අතර, රෝගියා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?