රුපියල් 462ක් වටිනා කාසි 187ක් පුද්ගලයෙකුගේ උදරයෙන් එළියට ගනී

පුද්ගලයෙකුගේ උදරයේ තිබී කාසි 187ක් පිටතට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ උදරයේ තිබී ඉන්දීය රුපියල් පහේ කාසි 56ක්, දෙකේ කාසි 51ක් සහ රුපියලේ කාසි 80ක් වෛද්‍යවරුන් විසින් මෙලෙස පිටටට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා උදරයේ වේදනාවක් ගැන පැමිණිලි කිරීමෙන් පසු ඥාතීන් ඔහුව හංගල් ශ්‍රී කුමාරේෂ්වර් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව වෛද්‍යවරුන් විසින් ඔහුට සිදුකළ එක්ස් රේ පරීක්ෂාවකින් පසු සොයාගෙන ඇත්තේ මොහු විසින් කාසි ගිලදමා ඇති බවයි.

හරිජන් නමැති මෙම පුද්ගලයා මාස කිහිපයක සිට මෙලෙස කාසි ගිලදමා ඇති අතර, සැත්කමක් සිදුකර ඔහුගේ උදරයෙන් එළියට ගත් කාසිවල බර කිලෝග්‍රෑම් එක හමාරක් පමණ වන අතර ඒවායේ වටිනාකම ඉන්දීය රුපියල් 462ක් බවයි වෛද්‍යවරු පැවසුවේ.

“ඔහු මානසික රෝගයකින් පීඩා විඳි අයෙක්, ඔහු පසුගිය මාස දෙක තුනක පමණ සිට මෙම කාසි ගිලදමා තිබෙනවා. ඔහු රෝහලට පැමිණියේ වමනය සහ උදරයේ අපහසුතා ගැන පැමිණිලි කරමින්. ඔහුගේ රෝග ලක්ෂණ මත අපි එක්ස් කිරණ සහ එන්ඩොස්කොපි පරීක්ෂාවක් සිදු කළා. එහිදී බඩේ කාසි තියන බවට සොයා ගත්තා. ඒ නිසා අපි ඔහුට ශල්‍යකර්මයක් කරන්න තීරණය කළා.” යනුවෙන් හරිජන්ව සැත්කමට භාජනය කළ වෛද්‍ය ඊෂ්වර් කලබුර්ගි පවසා තිබෙනවා.

මෙලෙස ගිල දමා ඇති කාසි ඔහුගේ බඩේ විවිධ ස්ථානවල සිරවී ඇති අතර, පැය දෙකක පමණ ශල්‍යකර්මයකින් පසු ඒවා ඉවතට ගත් බවයි එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

පසුගිය ඉරිදා දිනයේ මෙම සැත්කම සිදුකර ඇති අතර, රෝගියා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32