ධීවරයින් පිරිසක් මහ මුහුද මැද විරෝධතාවයක (ඡායාරූප)

මහවැව, මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් මේ වනවිට මුහුද මැද විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

වෙනත් ප්‍රදේශවල ධීවරයින් තම මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වන බව පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් චෝදනා කරන්නේ මෙලෙස පැමිණෙන ධීවරයින් කොටු දැල් වැනි තහනම් පන්න ක්‍රම උපයෝගී කරගනිමින් ධීවර කටයුතුවල නිරතවන බවයි.

වෙන්නප්පුව, මීගමුව වැනි ප්‍රදේශවල ධීවරයින් මෙලෙස තම ප්‍රදේශයේ මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතුවල නිරත වන බව ඔවුන් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?