පොහොට්ටුව ගත් හොඳම තීරණය රනිල් ජනපති කිරීම – මහින්දානන්ද

මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත් කිරීම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගත් හොඳ ම තීරණයක් බව මේ වනවිට වැටහී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

නාවලපිටිය ආසනයේ ඊයේ (27) පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා.

“පසුගිය කාලයේ මම පාර්ලිමේන්තුවේ දී වැඩියෙන්ම දොස් කිව්වේ රනිල් වික්‍රමසිංහට, රට මේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා අපි දිර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිරණය කළා.එතුමාට තියෙන ජාත්‍යන්තර සම්බන්ධකම්, පල පුරුද්ද, අත්දැකීම් නිසා අපි පාර්ලිමේන්තුවේ බහුතරයක ඡන්දන ලබාදීලා එතුමාව රටේ ජනාධිපති කරා, එතුමා ජනාධිපති කරපු එක හොදයි කියලා දැන් අපිට තේරෙනවා, මොකද නැති වුණ තෙල් ටික තියෙනවා, පැය ගණනක් කපපු විදුලිය දැන් පැයයි කපන්නේ, ගෑස් ටික ඇවිල්ලා , 400 ගණනට තිබුණ පිටි 200 ගාණට අඩු වෙලා, පරිප්පු මිල අඩුවෙලා, භාණ්ඩ මිල අඩුවෙලා රට සමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා. මම කියන්නේ නෑ අද වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න සියල්ල විසදිලා කියලා, පවුල් ලක්ෂ 39 කට රුපියල් පන්දහසේ දීමනාව දීලා, සමෘද්ධි වැඩිකරලා , වැඩිහිටි දීමනා මහජන ආධාර වැඩි කරලා මෙම අර්බුධකාරි තත්ත්වයෙන් ගොඩ එන්න එතුමා ගොඩාක් දේවල් කරලා තියෙනවා.ජනතාව එදා පාර බැස්සේ ඔවුන්ගේ පීඩනය පෙන්වන්න , ඒ මිනිස්සුන්ගේ බස් එකට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, සමගි ජාතික බලවේගය, නැග්ගා, ඒ අය බැලුවා ඡන්දයකින් එන්න බැරි නිසා ජනතාවගේ පීඩනයෙන් එන්න පුළුවන්ද කියලා. දෙසැම්බර් මස වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය දෙනවා, ලබන මාර්තු පමණ වන විට මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වෙනවා. අද බලන්න සංචාරක කර්මාන්තය ලංකාවට ආපු නැති ගුවන් යානා දැන් එනවා, එදා එක් දවසකට ගුවන් තොටුපලකට විදේශිකයන් අවේ 200 යි , අද වන විට දවසකට දස දහසක් විදේශිකයන් එනවා.වත්මන් රජය තවත් වසර දේහ හමාරක කාලයක් රට පාලනය කරනවා, එම කාලය අතරතුර රටේ ආර්ථික අර්බුදය තරමක් දුරට විසදෙන බවට අපට විශ්වාසයක් තියෙනවා, එම කාලය අතරතුර ජනතාවගේ ගැටළු විසදිමට අපි පියවර ගන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?