පොහොට්ටුව ගත් හොඳම තීරණය රනිල් ජනපති කිරීම – මහින්දානන්ද

මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත් කිරීම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගත් හොඳ ම තීරණයක් බව මේ වනවිට වැටහී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

නාවලපිටිය ආසනයේ ඊයේ (27) පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා.

“පසුගිය කාලයේ මම පාර්ලිමේන්තුවේ දී වැඩියෙන්ම දොස් කිව්වේ රනිල් වික්‍රමසිංහට, රට මේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා අපි දිර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිරණය කළා.එතුමාට තියෙන ජාත්‍යන්තර සම්බන්ධකම්, පල පුරුද්ද, අත්දැකීම් නිසා අපි පාර්ලිමේන්තුවේ බහුතරයක ඡන්දන ලබාදීලා එතුමාව රටේ ජනාධිපති කරා, එතුමා ජනාධිපති කරපු එක හොදයි කියලා දැන් අපිට තේරෙනවා, මොකද නැති වුණ තෙල් ටික තියෙනවා, පැය ගණනක් කපපු විදුලිය දැන් පැයයි කපන්නේ, ගෑස් ටික ඇවිල්ලා , 400 ගණනට තිබුණ පිටි 200 ගාණට අඩු වෙලා, පරිප්පු මිල අඩුවෙලා, භාණ්ඩ මිල අඩුවෙලා රට සමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා. මම කියන්නේ නෑ අද වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න සියල්ල විසදිලා කියලා, පවුල් ලක්ෂ 39 කට රුපියල් පන්දහසේ දීමනාව දීලා, සමෘද්ධි වැඩිකරලා , වැඩිහිටි දීමනා මහජන ආධාර වැඩි කරලා මෙම අර්බුධකාරි තත්ත්වයෙන් ගොඩ එන්න එතුමා ගොඩාක් දේවල් කරලා තියෙනවා.ජනතාව එදා පාර බැස්සේ ඔවුන්ගේ පීඩනය පෙන්වන්න , ඒ මිනිස්සුන්ගේ බස් එකට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, සමගි ජාතික බලවේගය, නැග්ගා, ඒ අය බැලුවා ඡන්දයකින් එන්න බැරි නිසා ජනතාවගේ පීඩනයෙන් එන්න පුළුවන්ද කියලා. දෙසැම්බර් මස වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය දෙනවා, ලබන මාර්තු පමණ වන විට මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වෙනවා. අද බලන්න සංචාරක කර්මාන්තය ලංකාවට ආපු නැති ගුවන් යානා දැන් එනවා, එදා එක් දවසකට ගුවන් තොටුපලකට විදේශිකයන් අවේ 200 යි , අද වන විට දවසකට දස දහසක් විදේශිකයන් එනවා.වත්මන් රජය තවත් වසර දේහ හමාරක කාලයක් රට පාලනය කරනවා, එම කාලය අතරතුර රටේ ආර්ථික අර්බුදය තරමක් දුරට විසදෙන බවට අපට විශ්වාසයක් තියෙනවා, එම කාලය අතරතුර ජනතාවගේ ගැටළු විසදිමට අපි පියවර ගන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23