පරාජයේ වේදනාවෙන් කැළඹුණු බෙල්ජියම් වැසියන් එරට අගනුවර යකා නටයි (ඡායාරූප)

ලෝක කුසලාන පාපන්දු පිටියේ ප්‍රබල බෙල්ජියම මොරොක්කෝව ඉදිරියේ ඊයේ (27) ලැබූ අමිහිරි පරාජයත් සමඟ කෝපයට පත් බෙල්ජියම් පාපන්දු ලෝලීන් බ්‍රසල්ස් නගරයේ ප්‍රකෝපකාරීව හැසිරී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන ප්‍රබල බෙල්ජියම ලැබූ මෙම පරාජයේ වේදනාව සහ කෝපය ඉවසාගත නොහැකිව බෙල්ජියම් පාපන්දු ලෝලීන් මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

නගරයේ පිහිටි වෙළඳසැල්වලට සහ වාහනවලට හානි සිදුකරමින් මං මාවත්වල ගිනි තබා විශාල විනාශයක් සිදුකරමින් ඔවුන් මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව සඳහන්.

මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පිරිස් පාලනය කිරීම සඳහා එරට පොලිසියට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

බ්‍රසල්ස් නගරාධිපති ෆිලිප් ක්ලෝස් පාපන්දු ලෝලීන්ගෙන් නගර මධ්‍යයෙන් ඈත්ව සිටින ලෙස ඉල්ලා සිට ඇති අතර, උමං මාර්ගවල ගමනාගමනය සහ ට්‍රෑම්රථ ගමනාගමනය පවා නවතා දමන්නට මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය නිසා සිදුව තිබෙනවා.

මේ අතර ලෝක කුසලානයේ විශාල කැළඹීමක් වූ මොරොක්කෝවේ මෙම ජයග්‍රහණයත් සමඟ බොහෝ බෙල්ජියම් නගරවල මොරොක්කෝ සංක්‍රමණිකන් උද්යෝගයෙන් මෙම ජය සැමරීමට කටයුතු කළ බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23