ජනප්‍රිය ගායිකාවක් ජීවිතයට සමුදෙයි

අමෙරිකාවේ ඔස්කාර් සම්මානලාභි ගායිකාවක් සහ නිළියක් වූ 63 වන වියේ පසු වූ අයරින් කාරා මියගොස් තිබෙනවා.

ෆ්ලොරීඩාහි නිවසේ සිටියදී ඇය මියගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා ද්විත්වයෙන්ම ගීත ගායනා කිරීමේ විශේෂ හැකියාවක් ඇය සතුය.

ඇය 1984 වර්ෂයේදී අයරින් හොඳම ගීතයට අදාළ ඔස්කාර් සම්මානය හිමිකර ගත්තා.

1981 වර්ෂයේදී ඇය හොඳම නිළිය වශයෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලැබුවා