බැසිල් සහ බිරිඳට ගුවන් තොටුපළේ විශේෂ පහසුකම් සැපයීම ගැන නිවේදනයක්

පසුගිය දා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ගුවන් තොටුපළ විශේෂ අමුත්තන් සඳහා වන ප්‍රභූ පර්යන්තයේ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට අදාල පහසුකම් සැපයීම මුදල් ගෙවීමේ පදනම මත සිදුකළ බවයි එම සමාගම අදාළ නිවේදනයයෙන දන්වා ඇත්තේ.

ඊට අදාළ ගෙවීම් නියමිත පරිදි සිදුකර ඇති බවත්, එදින පැමිණි විශේෂ අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීම පිළිබඳව ද එම නිවේදනයේ කරුණු දක්වා තිබෙනවා.

අදාළ පාර්ශ්වයේ ඉල්ලීම මත මුදල් ගෙවීමෙන් පසුව නියමිත පහසුකම සැපයූ බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පසුගිය 20 වනදා පෙරවරුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?