බැසිල් සහ බිරිඳට ගුවන් තොටුපළේ විශේෂ පහසුකම් සැපයීම ගැන නිවේදනයක්

පසුගිය දා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ගුවන් තොටුපළ විශේෂ අමුත්තන් සඳහා වන ප්‍රභූ පර්යන්තයේ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට අදාල පහසුකම් සැපයීම මුදල් ගෙවීමේ පදනම මත සිදුකළ බවයි එම සමාගම අදාළ නිවේදනයයෙන දන්වා ඇත්තේ.

ඊට අදාළ ගෙවීම් නියමිත පරිදි සිදුකර ඇති බවත්, එදින පැමිණි විශේෂ අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීම පිළිබඳව ද එම නිවේදනයේ කරුණු දක්වා තිබෙනවා.

අදාළ පාර්ශ්වයේ ඉල්ලීම මත මුදල් ගෙවීමෙන් පසුව නියමිත පහසුකම සැපයූ බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පසුගිය 20 වනදා පෙරවරුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - ජයවේවා කියලා ඇවිත් අතත් වනාගෙන ගිය හැටි
02:18
Video thumbnail
වසන්ත සමරසිංහ ඇමතිකමින් වහාම ඉවත් කරන්න ? - මේ ඩෝබිලව ත#ලන්න ඕනි කබර බාහුවෙන්
18:15
Video thumbnail
හැම ගොවියාවම රජ කරනවා කියලා අපි කිව්වේ නෑ
12:27
Video thumbnail
නිදොස් කොට නිදහස් කරන යැයි ඉල්ලා සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්
01:50
Video thumbnail
මරික්කාර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
වසන්තගේ වීඩියෝ එකක් ලීක් වෙයි..ලාල්කාන්තට කට උත්තර නැතිවෙයි ?මුන්ට මෝ#ල් ක්ලාන්තය
06:19
Video thumbnail
ලාල් කාන්තගේ කතාව නිසා ගොවීන්ට රතු කට්ට පනී
05:21
Video thumbnail
ලැජ්ජා නැද්ද.. ඇමතිවරුන්ට ලස්සන ජීවිතයක් හදාගෙන ඉන්නේ
06:18
Video thumbnail
මේක සාපයක් - රටට සෙතක් වෙන්න අනුර කුමාර භාරයක් කරන්න
05:31