යුද බිමේ සිටින සොල්දාදුවන්ගේ මව්වරුන් පිරිසක් පුටින් හමුවෙයි

යුක්‍රේන යුද බිමේ සිටින සොල්දාදුවන්ගේ මව්වරුන් පිරිසක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණගැසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ රුසියානු සොල්දාදුවන්ගේ මව්වරුන් 17 දෙනෙකු මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව සිටි බවයි.

ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වී ඇති අතර, ඔවුන්ගෙන් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත්කර ඇති බව සඳහන්.

සීත කාලය ආරම්භවීමත් සමඟ අධික ශීතලක් පැවතීම, යුද්දයට එක්ව සිටින බහුතරයක් සෙබළුන්ට ප්‍රමාණවත් පුහුණුවක් ලබානොදීම සහ ආයුධ ප්‍රමාණවත් නොවීම යන පැමිණිලි මව්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිදුකර තිබෙනවා.

යුක්‍රේන යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා රුසියානු සොල්දාදුවන් ලක්ෂයක් පමණ මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ.

“අපි ඔබේ වේදනාව බෙදාගන්නවා, පුතෙකුගේ වියෝව කිසිවකට ප්‍රතිස්ථාපනය කළ නොහැකියි ” යනුවෙන් මෙහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ව මුණ ගැසීමට පැමිණි මව්වරුට පවසා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43