සිඩ්නි නුවර ප්‍රාථමික පාසලක විද්‍යා පරීක්ෂණයක් වැරදී සිසුන් පිරිසක් රෝහලේ

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ප‍්‍රාථමික පාසලක පන්ති කාමරයක සිදුකළ විද්‍යා පරීක්ෂණයක් වැරදී යාමෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අද දහවල් සිදුව ඇති මෙම අනතුරින් බරපතළ පිළිස්සුම් තුවාල සහිත සිසුන් දෙදෙනෙක් ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි.

තවත් සිසුන් 09 දෙනෙකු පමණ සුළු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, එක් ගුරුවරයෙකු ද සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සෝඩියම් බයිකාබනේට් සහ මෙතිලේටඩ් ස්ප්‍රීතු සම්බන්ධ අත්හදා බැලීමක් අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

වාර්තාවලට අනුව වයස අවුරුදු 10 ත් 11 ත් අතර වයසේ පසුවන සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

ළමුන්ගේ මුහුණ, පපුව, යටි බඩ සහ පාද මෙම අනතුරෙන් පිළිස්සී ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54