සිඩ්නි නුවර ප්‍රාථමික පාසලක විද්‍යා පරීක්ෂණයක් වැරදී සිසුන් පිරිසක් රෝහලේ

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ප‍්‍රාථමික පාසලක පන්ති කාමරයක සිදුකළ විද්‍යා පරීක්ෂණයක් වැරදී යාමෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අද දහවල් සිදුව ඇති මෙම අනතුරින් බරපතළ පිළිස්සුම් තුවාල සහිත සිසුන් දෙදෙනෙක් ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි.

තවත් සිසුන් 09 දෙනෙකු පමණ සුළු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, එක් ගුරුවරයෙකු ද සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සෝඩියම් බයිකාබනේට් සහ මෙතිලේටඩ් ස්ප්‍රීතු සම්බන්ධ අත්හදා බැලීමක් අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

වාර්තාවලට අනුව වයස අවුරුදු 10 ත් 11 ත් අතර වයසේ පසුවන සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

ළමුන්ගේ මුහුණ, පපුව, යටි බඩ සහ පාද මෙම අනතුරෙන් පිළිස්සී ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?