මත් පෙති තොගයක් සමඟ අයෙක් පානදුරේ දී අල්ලයි (ඡායාරූප)

පානදුර, මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 05 කට ආසන්න වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිරණ පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී මත්පෙති 3500ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හොරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස පාවිච්චි කරන මත්පෙති වර්ගයක් සැකකරු අලෙවිකරන බවට පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වටලිමකදීයි මෙම මත්පෙති සොයා ගැනීමට හැකිව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර ද මත්ද්‍රව්‍ය චෝදනාවක් ලැබූවෙක් බවයි පොලිසිය පැවසුවේ.

36 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?