පොහොර නිෂ්පාදන සමාගමක් අසාදු ලේඛනයට

ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදනය සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබෙනවා.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ අනුව දියර කාබනික පොහොර ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කිරීම සපුරා තහනම් වනවා.

එයට හේතුව වී ඇත්තේ එවැනි අසුරුම් තුළ දියර කාබනික පොහොර ඇසුරුම් කිරීම මගින් විවිධ ව්‍යාධිජනක හටගැනීම බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් එම සමාගම වහාම අසාදු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගම විසින් කාබනික පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිඳු මුදලක් නො ගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?