පාසල් ළමුන්ට බෙදන්න සහල් මෙට්‍රික්ටොන් 1,000ක් කොළඹ වරායට

චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික්ටොන් 1,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

සහල් ඇසුරුම් ලක්ෂයකින් සමන්විත වූ එම නෞකාව අද (19) පෙරවරුවේ මෙරටට පැමිණි බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස රැගෙන ආ සහල් තොග මෙරට පාසල් ළමුන් වෙනුවෙන් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්