මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන වාහන අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කළ ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසකට පෙරේදා (17) හැකියාව ලැබී තිබෙනවා.
මීගමුව පාර, සීදුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුද්‍රණාලයක් වටලා අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එහිදී අලෙවිය සඳහා සකස් කරන ලද ව්‍යාජ අංක තහඩු 19ක් සමඟ වයස අවුරුදු 57ක සීදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
ඊට අමතරව
පරිගණක යන්ත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු සැදීමට යොදාගන්නා හිස් අංක තහඩු, ස්ටිකර්, රාජ්‍ය ලාංඡන ද එහිදී සොයාගැනීමට හැකිව ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.