ව්‍යාජ වාහන අංක තහඩු සැකසූ ස්ථානයක් සීදූවේ දී වටලයි (ඡායාරූප)

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන වාහන අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කළ ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසකට පෙරේදා (17) හැකියාව ලැබී තිබෙනවා.

මීගමුව පාර, සීදුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුද්‍රණාලයක් වටලා අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී අලෙවිය සඳහා සකස් කරන ලද ව්‍යාජ අංක තහඩු 19ක් සමඟ වයස අවුරුදු 57ක සීදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
ඊට අමතරව

පරිගණක යන්ත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු සැදීමට යොදාගන්නා හිස් අංක තහඩු, ස්ටිකර්, රාජ්‍ය ලාංඡන ද එහිදී සොයාගැනීමට හැකිව ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32


?