විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (14) මොණරාගල පොලිස් වසමේ තුරුලිය ගෙස්ට් හවුස් ස්ථානයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී නීති විරෝධි ලෙස ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56, 57 සහ 47 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොණරාගල පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














