“Welcome Back Better Skills and Tourism” වැඩසටහන අනුරපුරයේ දී

Skills for Inclusive Growth (S4IG) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක “ Welcome Back Better Skills and Tourism” වැඩසටහන පසුගියදා අනුරාධපුරයේ දී පැවැත් වුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු, මධ්‍ය සහ කුඩා ප්‍රමාණයේ සංචාරක ව්‍යාපාර හා සම්බන්ධ ව්‍යවසායකයන් 60 කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන හා සම්බන්ධ වුණා.

හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ අනුරාධපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව නිපුණතා පාදක ක්‍රමෝපායික සැලසුමක් සැකසීම සඳහා අවශ්‍ය සැලසුම් හා දායකත්වය ලබාදීමේ අරමුණෙන් අවශ්‍ය පාර්ශවයන් මුණගැසීම සහ ඔවුනගේ ගැටළු හඳුනාගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

වත්මන් ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය නැවත නඟාසිටුවීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර, 2022 වසර අවසානය වන විට ඇරඹෙන සංචාරක සමය සඳහා හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සුළු, මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යාසායකයින් සූදානම් ද ? නැතිනම් ඒ සම්බන්ධව ඔවුනට නිවැරදි අවබෝධයක් තිබේද ? යන්න මෙහිදී විමසා බැලුවා.

හෝටල් හා සංචාරක ක්ෂේත දිස්ත්‍රික්කය ආශ්‍රිතව නිපුණතා පාදක ක්‍රමෝපායික සැලසුමක් සැකසීම සඳහා අවශ්‍ය සැලසුම් හා දායකත්වය ලබාදීමේ අරමුණෙන් අවශ්‍ය පාර්ශ්වයන් මුණගැසීම සහ ඔවුනගේ ගැටළු හඳුනාගැනීම මෙහි එක් පරමාර්ථයක්.

ඉදිරියේදී සංචාරක කර්මාන්තයේ නිරතවූවන් සඳහා ආගන්තුක සත්කාර කුසලතා (බහු කාර්ය) පාඨමාලාවන් නයිටා ආයතනයත් සමඟ එක්ව ආරම්භ කිරීම, නූතන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් එක් එක් කාර්යයන් සඳහා සේවකයන් යොදවා තම ව්‍යාපාර පවත්වගෙන යාම අපහසු බැවින් S4IG ආයතනයත් (Skills for Inclusive Growth) නයිටා ආයතනයත් එක්ව බහුකාර්ය නිපුණ ශිල්පියෙකු බිහිකිරීමේ අරමුණෙන් මෙම ආගන්තුක සත්කාර කුසලතා පාඨමාලාවක් සංවිධානය කර තිබෙනවා.

මෙම ක්ෂේත්‍රය පිළිබඳව සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයකට අනුව හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කුඩා, මධ්‍යම හා සුළු පන්නයේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පිළිබඳව දැනුමක් නොමැති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් මෙරට විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන සහ වෘත්තිය පුහුණුව ලබාදෙන ආයතන හා එක්ව “ ව්‍යාපාර උපදේශනය “ (Business coaching) ලබාදීම සිදුකරනු ලබනවා.

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන එක්ව උපදේශනයට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරන අතර හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයවලුන් සඳහා ද මෙම අවස්ථාව ලබාදෙනවා.

සප්‍රදායික ක්‍ර‌මෝපායන්ගෙන් ඔබ්බට ‌ගොස් හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදීමට මෙහිදී ක්‍රියාත්මක වන තවත් ව්‍යාපෘතියක්.

එය E Tourism, E Content, E Marketing, E Distribution, E Operation, E Reputation යන සංකල්පය යටතේ ක්‍රියාත්මකයි.

මේ සඳහා S4IG ආයතනය සමඟ ශ්‍රී ලංකා හෝටල් සහ සංචාරක කළමනාකරන ආයතනය කටයුතු කරනු ලබනවා.

මෙම වැඩසටහන යටතේ මේ වනවිටත් පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතලේ යන දිස්ත්‍රික්ක ආවරණය කර ඇති අතර එම වැඩසටහන සඳහා 500 කට අධික සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයින් සහභාගි වුණා.

එලෙසම මෙම කාර්යය සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) , වෘත්තිය පුහුණු අධිකාරිය (VTA), ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය, ශ්‍රී ලංකා හෝටල් සංචාරක කළමනාකරණ ආයතනය වැනි පුහුණුව ලබාදෙන ආයතන ද පුද්ගලික අංශයේ ආයතන ද එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

අන්තර්කරණය (Inclusive) යන සංකල්පය යටතේ සියළුම අංශයන් නියෝජනය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ සඳහා කාන්තාවන්, ආබාධිත පිරිස් සහ සමාජය විසින් නොසළකා හරින ලද පිරිස් දායක ක‌රගනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?