“Welcome Back Better Skills and Tourism” වැඩසටහන අනුරපුරයේ දී

Skills for Inclusive Growth (S4IG) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක “ Welcome Back Better Skills and Tourism” වැඩසටහන පසුගියදා අනුරාධපුරයේ දී පැවැත් වුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු, මධ්‍ය සහ කුඩා ප්‍රමාණයේ සංචාරක ව්‍යාපාර හා සම්බන්ධ ව්‍යවසායකයන් 60 කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන හා සම්බන්ධ වුණා.

හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ අනුරාධපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව නිපුණතා පාදක ක්‍රමෝපායික සැලසුමක් සැකසීම සඳහා අවශ්‍ය සැලසුම් හා දායකත්වය ලබාදීමේ අරමුණෙන් අවශ්‍ය පාර්ශවයන් මුණගැසීම සහ ඔවුනගේ ගැටළු හඳුනාගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

වත්මන් ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය නැවත නඟාසිටුවීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර, 2022 වසර අවසානය වන විට ඇරඹෙන සංචාරක සමය සඳහා හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සුළු, මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යාසායකයින් සූදානම් ද ? නැතිනම් ඒ සම්බන්ධව ඔවුනට නිවැරදි අවබෝධයක් තිබේද ? යන්න මෙහිදී විමසා බැලුවා.

හෝටල් හා සංචාරක ක්ෂේත දිස්ත්‍රික්කය ආශ්‍රිතව නිපුණතා පාදක ක්‍රමෝපායික සැලසුමක් සැකසීම සඳහා අවශ්‍ය සැලසුම් හා දායකත්වය ලබාදීමේ අරමුණෙන් අවශ්‍ය පාර්ශ්වයන් මුණගැසීම සහ ඔවුනගේ ගැටළු හඳුනාගැනීම මෙහි එක් පරමාර්ථයක්.

ඉදිරියේදී සංචාරක කර්මාන්තයේ නිරතවූවන් සඳහා ආගන්තුක සත්කාර කුසලතා (බහු කාර්ය) පාඨමාලාවන් නයිටා ආයතනයත් සමඟ එක්ව ආරම්භ කිරීම, නූතන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් එක් එක් කාර්යයන් සඳහා සේවකයන් යොදවා තම ව්‍යාපාර පවත්වගෙන යාම අපහසු බැවින් S4IG ආයතනයත් (Skills for Inclusive Growth) නයිටා ආයතනයත් එක්ව බහුකාර්ය නිපුණ ශිල්පියෙකු බිහිකිරීමේ අරමුණෙන් මෙම ආගන්තුක සත්කාර කුසලතා පාඨමාලාවක් සංවිධානය කර තිබෙනවා.

මෙම ක්ෂේත්‍රය පිළිබඳව සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයකට අනුව හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කුඩා, මධ්‍යම හා සුළු පන්නයේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පිළිබඳව දැනුමක් නොමැති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් මෙරට විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන සහ වෘත්තිය පුහුණුව ලබාදෙන ආයතන හා එක්ව “ ව්‍යාපාර උපදේශනය “ (Business coaching) ලබාදීම සිදුකරනු ලබනවා.

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන එක්ව උපදේශනයට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරන අතර හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයවලුන් සඳහා ද මෙම අවස්ථාව ලබාදෙනවා.

සප්‍රදායික ක්‍ර‌මෝපායන්ගෙන් ඔබ්බට ‌ගොස් හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදීමට මෙහිදී ක්‍රියාත්මක වන තවත් ව්‍යාපෘතියක්.

එය E Tourism, E Content, E Marketing, E Distribution, E Operation, E Reputation යන සංකල්පය යටතේ ක්‍රියාත්මකයි.

මේ සඳහා S4IG ආයතනය සමඟ ශ්‍රී ලංකා හෝටල් සහ සංචාරක කළමනාකරන ආයතනය කටයුතු කරනු ලබනවා.

මෙම වැඩසටහන යටතේ මේ වනවිටත් පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතලේ යන දිස්ත්‍රික්ක ආවරණය කර ඇති අතර එම වැඩසටහන සඳහා 500 කට අධික සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයින් සහභාගි වුණා.

එලෙසම මෙම කාර්යය සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) , වෘත්තිය පුහුණු අධිකාරිය (VTA), ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය, ශ්‍රී ලංකා හෝටල් සංචාරක කළමනාකරණ ආයතනය වැනි පුහුණුව ලබාදෙන ආයතන ද පුද්ගලික අංශයේ ආයතන ද එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

අන්තර්කරණය (Inclusive) යන සංකල්පය යටතේ සියළුම අංශයන් නියෝජනය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ සඳහා කාන්තාවන්, ආබාධිත පිරිස් සහ සමාජය විසින් නොසළකා හරින ලද පිරිස් දායක ක‌රගනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38