යාල කැලේ යකා නැටූ සිද්ධිය ගැන ඇමති අමරවීරගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගියදා යාල ජාතික වනෝද්‍යානය තුළ පිරිසක් වන සතුන්ට හිරිහැරවන ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධව වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර අද (08) පාර්ලිමේන්තුව් දී ප්‍රකශයක් සිදුකළා.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ එම සිද්ධියට කවුරුන් සම්බන්ධ වුණත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

ඒ, සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතුවලට කිසිසේත්ම බාධා නොකරන බවත් ඔහු එහිදී සඳහන් කර සිටියා.

තමන් විදේශ ගතව සිටි කාලවකවානුවක මෙම සිද්ධිය සිදුවූ බව සඳහන් කළ අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?