Empty Ad
Empty Ad
 Empty Ad

පුත්‍රයාගේ වියෝව දරාගත නොහැකි වූ පියා රෝහල තුළදීම අවසන් ගමන් ගිහින්

සිය පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇති බව සැළවීමත් සමඟ එය දරාගත නොහැකිව එම අවස්ථාවේදීම මියගිය පියෙකු පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ විරාර් නගරයේ පැවති උත්සවයක නර්තනයේ යෙදී සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් එක්වරම ජීවිතක්ෂයට පත්ව බිම ඇදවැටී තිබෙනවා.

එම අවස්ථාවේ සිය පුත්‍රයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව නොදත් 66 හැවිරිදි පියා විසින් ඔහුව රෝහල වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

සිය පුත්‍රයා රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍යවරු පියාට පවසා ඇත්තේ තමන් රැගෙන ආ රෝගියා රෝහලට රැගෙන එන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවටයි.

වෛද්‍යවරුන්ගේ එම පුවත ඇසීමෙන් දැඩිලෙස කම්පනයට පත්වූ පියා රෝහල තුළදීම ජීවිතක්ෂයට පත්ව බිම ඇදවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පසුගිය ඉරිදා (ඊයේ) මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර පියාගේ සහ පුත්‍රයාගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නල්ලූර් වැඳලත් හමාරයි - හැම තැනම ගංවතුරෙන් යටවෙයි
04:10
Video thumbnail
කථානායක අශෝක රන්වලට - චීන කථානායකගෙන් සුබ පැතුම්
02:50
Video thumbnail
ස්වර්ණාභරණ අධිකාරිය උඩ යට පෙරලා මැණික් මල්ලක් හොයන ඇමති හඳුන්නෙත්ති
36:31
Video thumbnail
කංචන විජේසකරත් - නිමල් සිරිපාලත් CID ගෙන්වයි - මාධ්‍ය මගඇරලා දිව්වේ මෙහෙමයි
01:25
Video thumbnail
සමරන්නේ නෑ කිව්වට යාපනයේ මහවිරු සැමරුම ජයටම කරපු හැටි මෙන්න
12:31
Video thumbnail
බන්දුල ගුණවර්ධනත් CID යට ගෙන්වයි - අහන ප්‍රශ්න වලට මාධ්‍ය ඉදිරියේ ගොළු වෙයි
02:17
Video thumbnail
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණයේ නවතම තතු එක පෙළට | 🔴DASATHA WEATHER ALERT | LIVE
34:06
Video thumbnail
උසස් පෙළ විභාගය සම්බන්ධ විශේෂ දැනුවත් කිරීමක් - උසස් පෙළ විභාගය යළි ආරම්භකරන්නේ දෙසැම්බර් 4 වැනිදායි
08:05
Video thumbnail
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කරයි - නවතම දර්ශන මෙන්න
02:34
Video thumbnail
ප්‍රදේශ කිහිපයකට සුළි සුළං අදත් #breakingnews #wheather
03:20

?