පුත්‍රයාගේ වියෝව දරාගත නොහැකි වූ පියා රෝහල තුළදීම අවසන් ගමන් ගිහින්

සිය පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇති බව සැළවීමත් සමඟ එය දරාගත නොහැකිව එම අවස්ථාවේදීම මියගිය පියෙකු පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ විරාර් නගරයේ පැවති උත්සවයක නර්තනයේ යෙදී සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් එක්වරම ජීවිතක්ෂයට පත්ව බිම ඇදවැටී තිබෙනවා.

එම අවස්ථාවේ සිය පුත්‍රයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව නොදත් 66 හැවිරිදි පියා විසින් ඔහුව රෝහල වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

සිය පුත්‍රයා රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍යවරු පියාට පවසා ඇත්තේ තමන් රැගෙන ආ රෝගියා රෝහලට රැගෙන එන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවටයි.

වෛද්‍යවරුන්ගේ එම පුවත ඇසීමෙන් දැඩිලෙස කම්පනයට පත්වූ පියා රෝහල තුළදීම ජීවිතක්ෂයට පත්ව බිම ඇදවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පසුගිය ඉරිදා (ඊයේ) මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර පියාගේ සහ පුත්‍රයාගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11