spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුත්‍රයාගේ වියෝව දරාගත නොහැකි වූ පියා රෝහල තුළදීම අවසන් ගමන් ගිහින්

සිය පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇති බව සැළවීමත් සමඟ එය දරාගත නොහැකිව එම අවස්ථාවේදීම මියගිය පියෙකු පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ විරාර් නගරයේ පැවති උත්සවයක නර්තනයේ යෙදී සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් එක්වරම ජීවිතක්ෂයට පත්ව බිම ඇදවැටී තිබෙනවා.

එම අවස්ථාවේ සිය පුත්‍රයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව නොදත් 66 හැවිරිදි පියා විසින් ඔහුව රෝහල වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

සිය පුත්‍රයා රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍යවරු පියාට පවසා ඇත්තේ තමන් රැගෙන ආ රෝගියා රෝහලට රැගෙන එන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවටයි.

වෛද්‍යවරුන්ගේ එම පුවත ඇසීමෙන් දැඩිලෙස කම්පනයට පත්වූ පියා රෝහල තුළදීම ජීවිතක්ෂයට පත්ව බිම ඇදවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පසුගිය ඉරිදා (ඊයේ) මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර පියාගේ සහ පුත්‍රයාගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?