රාගම රෝහලෙන් ඇල්ලූ දංඕවිට කොල්ලකරුවෝ රක්ෂිත බන්ධනාගාරයට

දංඕවිට නරගයේ මත්පැන් අලෙවිසැලක් බිඳ එහි දේපළ සොරකම් කිරීමට සම්බන්ධ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙක් ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් එදින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයන්ට ලක්ව රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිය දී අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (02) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා වත්තල සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබමින් සිටිය දී වැලිසර මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂාකර බලා 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කළේ.

ඊයේ (02) අලුයම දෙකට පමණ පුද්ගලයන් කණ්ඩායමක් දංඕවිට නගරයේ මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වී ඇති අතර එම අවස්ථාවේ කොල්ලකරුවන් ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී පළා යාමට උත්සාහ කර ඇති බව සඳහන්.

එහිදී පොලිස් නිලධාරීන් කෙල්ලකරුවන් වෙත වෙඩි තබා ඇති අතර, කොල්ලක්රුවන්ද පොලිසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් බස් රථයක් ද වෙඩි ප්‍රහාරයට මැදිව ඇති අතර, එහි සිටි කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ 29 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23