spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාගම රෝහලෙන් ඇල්ලූ දංඕවිට කොල්ලකරුවෝ රක්ෂිත බන්ධනාගාරයට

දංඕවිට නරගයේ මත්පැන් අලෙවිසැලක් බිඳ එහි දේපළ සොරකම් කිරීමට සම්බන්ධ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙක් ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් එදින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයන්ට ලක්ව රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිය දී අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (02) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා වත්තල සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබමින් සිටිය දී වැලිසර මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂාකර බලා 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කළේ.

ඊයේ (02) අලුයම දෙකට පමණ පුද්ගලයන් කණ්ඩායමක් දංඕවිට නගරයේ මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වී ඇති අතර එම අවස්ථාවේ කොල්ලකරුවන් ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී පළා යාමට උත්සාහ කර ඇති බව සඳහන්.

එහිදී පොලිස් නිලධාරීන් කෙල්ලකරුවන් වෙත වෙඩි තබා ඇති අතර, කොල්ලක්රුවන්ද පොලිසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් බස් රථයක් ද වෙඩි ප්‍රහාරයට මැදිව ඇති අතර, එහි සිටි කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ 29 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?