පාර්ලිමේන්තු සේවකයෝ භෝජනාගාරයෙන් මස්, මාළු, බිත්තර උස්සලා

පාර්ලිමේන්තු භෝජනාගාර අංශයෙන් මස්, මාළු, බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය හොර රහසේ රැගෙන යාමේ සිද්ධීන් අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බව වාර්තා වනවා.

මස්, මාළු, කරවල, බිත්තර වැනි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමත් සමඟ මෙලෙස පාර්ලිමේන්තුවේ ඇතැම් සේවකයින් ඒවා හොර රහසේ නිවෙස්වලට රැගෙන යන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙලෙස පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර ද්‍රව්‍ය හොර රහසේ නිවෙස්වලට රැගෙන යාම නිසා රජයට වාර්ෂිකව අති විශාල පාඩුවක් විඳීමට සිදුවන බවට ගණන් බලා තිබෙනවා.

වියළි ආහාර ද්‍රව්‍යට අමතරව පිසූ ආහාර ද මෙලෙස හොර රහසේ රැගෙන යන බවට කරුණු වාර්තා වී ඇති අතර,පසුගිය දිනවල ඉතා විශාල වශයෙන් තැම්බූ බිත්තර රැගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සිය ගමන්මලුවල සඟවාගෙන මෙම ආහාර ද්‍රව්‍ය මෙලෙස රැගෙන යන බැවින් ගමන්මලු නියමිත ආකාරයට පරික්ෂා කිරීම තුළින් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමේ හැකියව පවතිනවා.

කෙසේ වෙතත් මෙලෙස සිදුවන ආහාර හොරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානින්ට දැනටමත් පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11