spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු සේවකයෝ භෝජනාගාරයෙන් මස්, මාළු, බිත්තර උස්සලා

පාර්ලිමේන්තු භෝජනාගාර අංශයෙන් මස්, මාළු, බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය හොර රහසේ රැගෙන යාමේ සිද්ධීන් අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බව වාර්තා වනවා.

මස්, මාළු, කරවල, බිත්තර වැනි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමත් සමඟ මෙලෙස පාර්ලිමේන්තුවේ ඇතැම් සේවකයින් ඒවා හොර රහසේ නිවෙස්වලට රැගෙන යන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙලෙස පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර ද්‍රව්‍ය හොර රහසේ නිවෙස්වලට රැගෙන යාම නිසා රජයට වාර්ෂිකව අති විශාල පාඩුවක් විඳීමට සිදුවන බවට ගණන් බලා තිබෙනවා.

වියළි ආහාර ද්‍රව්‍යට අමතරව පිසූ ආහාර ද මෙලෙස හොර රහසේ රැගෙන යන බවට කරුණු වාර්තා වී ඇති අතර,පසුගිය දිනවල ඉතා විශාල වශයෙන් තැම්බූ බිත්තර රැගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සිය ගමන්මලුවල සඟවාගෙන මෙම ආහාර ද්‍රව්‍ය මෙලෙස රැගෙන යන බැවින් ගමන්මලු නියමිත ආකාරයට පරික්ෂා කිරීම තුළින් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමේ හැකියව පවතිනවා.

කෙසේ වෙතත් මෙලෙස සිදුවන ආහාර හොරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානින්ට දැනටමත් පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?