ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනපති ජපන් සංචාරයෙන් පසු පිලිපීනයට

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (26) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

සිය දෙදින ජපාන නිල සංචාරයේ දී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගීවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා සමඟ ද ද්වි පාර්ශ්වික සාකච්ඡාවන පැවැත්වීමට ද නියමිත බව සඳහන්.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් සමඟ මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කරමින් ලබන 30 වනදා නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42