spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිසබයේ මන්ත්‍රී බත් පතේ මිලත් ගණන් උස්සයි

පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන කෑම පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නව මිල සංශෝධනයට අනුව මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල වන්නේ රුපියල් 300ක්.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගියදා රැස් වී ගත් තීරණයකට අනුවයි අදාළ මිල ගණන් මෙලෙස ඉහළ දමා ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තුව තුළ දී මාධ්‍යවේදීන්ට සැපයෙන කෑම පැකට්ටුවක මිලද රුපියල් 50 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 150ක්.

මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සඳහා සැපයෙන ආහාර පාන ද සීමා කර තිබෙනවා.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?