ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යට යුරෝ මිලියන 405ක දඩයක්

ලොව සුප්‍රසිද්ධ සාමාජ ජාල මාධ්‍යක් වන ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යට යුරෝ මිලියන 405ක දඩයක් පැනවීමට අයර්ලන්ත රජය කටයුතු කර තිබෙනවා.

ළමුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට මෙම දඩය පැනවීමටයි තීරණය කර ඇත්තේ.

අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමසාරිස්වරයා සඳහන් කළේ ලද පැමිණිලි වලට අනුව සිදුකළ දිර්ඝකාලින විමර්ශනවලින් පසු පසුගිය සිකුරාදා මෙම තීරණය ගත් බවයි.

මෙම තීරණය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර මෙම සතියේ දී ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල මාධ්‍ය භාවිතාකරන ළමුන්ගේ පෞද්ගලික දුරකථන අංක සහ ඊමේල් ලිපිනයන් අවදානමට ලක්ව ඇති බවට මෙලෙස පැමිණි ලැබී තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් ඉන්ස්ටග්‍රෑම් හි හිමිකරු මෙටා සමාගම පැවසුවේ මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?