වෙළඳ ඇමති සහ බේකරි හිමියන් අද පාන් ගැන සාකච්ඡාවක

අද (05) දිනයේ දී බේකරි හිමියන්ගේ සංගමය සමඟ තමන් සාකච්ඡාවක් පවත්වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.

එහිදී පාන් මිල සම්බන්ධයෙන් මේ අවස්ථාවේ තීරණයක් නොගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එ මෙන්ම මෙම අවස්ථාවේ දී තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිඳු හේතුවක් නොමැති බවයි වෙළඳ අමාත්‍යවරයා පැවසුවේ.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තිරිඟු පිටි පැවති මිලටම අලෙවි විය යුතු බවයි.

එලෙස පැවති මිලට තිරිඟු පිටි අලෙවි නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මඟින් අදාළ නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක සමඟ තමන් ඉකුත් සිකුරාදා පැවැත් වූ සාකච්ඡාවක දී මාසයකට අවශ්‍ය පිටි නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් තිරිඟු තමන් සතුවට එම සාමාගම් ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම තුර්කිය සහ ඩුබායි වෙතින් ඇනවුම් කර ඇති තිරිඟු තොගයක් මෙම මස 15 වැනිදා වන විට මෙරටට ලැබෙන බව ආනයනකරුවන් පැවසූ බවත් ඔහු පැවසුවා.

එබැවින් ඉදිරියේදී පිටි හිඟයක් ඇති නොවන බව කී ඇමතිවරයා ආනයනය කළ තිරිඟුවලින් පිටි නිෂ්පාදනයේ දී වියදම වැඩිවීමක් හෝ අතිරේක වියදම් එක්වීමක් සිදුව නොමැති බැවින් පිටි හිඟයක් ඇති වූ පමණින් මිල වැඩිවිය නොහැකි බවයි එහිදී පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52