AFC Banner
Empty Ad
Empty Ad

රියැදුරු බලපත්‍රය අලුත් වෙයි

රියැදුරු බලපත්‍ර සදහා කිව් ආර් කේතාංකයක් සහිත නව කාඩ්පතක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ දැනට පවතින මෙමරි චීපය සහිත ක්‍රමය වෙනුවටයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවැසුවේ ඊට අදාළ යෝජනාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි.

පුද්ගලයන් ලක්ෂ පනස් හතකට ආසන්න පිරිසක් රියැදුරු බලපත්‍ර ලබාගෙන ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාව සහ පැදවිය හැකි වාහන කාණ්ඩ හා වලංගු කාලසීමාවන් සඳහන් කර ඇත්තේ රියැදුරු බලපත්‍රයේ ඇති සිම්පතකට සමාන මෙමරි චීපයකය.

මේ වන විට රටේ උද්ගතවී ඇති ආර්ථික අර්බුදය හමුවේ ලක්ෂ දහයකට අධික රියැදුරු බලපත් මුද්‍රණය කර ගත නොහැකි වී තිබේ. මුද්‍රණ කාඩ්පත් ගෙන්වීමට අධික මුදලක් වැය වන නිසා එම මුදලට හරි අඩකින්ම අඩු වියදමක් යන කේතාංක ස්ටිකරයක් සහිත කාඩ්පත් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?