කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වේගවත් වීමට හේතුව සොයා ගැනේ

විදෙස් රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එය ශ්‍රී ලංකාව තුළ මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් වන බවත් ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව වැඩි බවත් මෙය මේ දිනවල බහුලවට කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවවල ව්‍යාප්ත වූ ප්‍රභේදයට වඩා වෙනස් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරීක්ෂණාගාරය තුළ දීර්ඝව පරීක්ෂණ පවත්වන බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ..,

“අපගේ අලුත් පරීක්ෂණවලින් අපි අලුත් දෙයක් හඳුනාගත්තා.  විදේශීයව සිට පැමිණි අයගේ සහ ලංකාවේ විවිධ මධ්‍යස්ථානවලදී එකතු කරන ලද Genetic sequencing සාම්පල් පසුගිය සතියේත් ලැබිලා තිබුණා. පොසිටිව් රෝගීන්ගේ සාම්පල්. පසුගිය සති 2 ඇතුළත තිබ්බ අපගේ පර්යේෂණ මගින් අපි ප්‍රධාන කරුණු දෙකක් හඳුනාගත්තා. එකක් තමයි අපේ දෙවෙනි රැල්ලේ එකකට එකක් සමාන නිසා සියයට සියයක් ශ්‍රී ලාංකාවට ආවේනික වූ lineage එකක් දැනට හඳුනාගෙන තිබෙනවා.  ඒකට අපි කියනවා B1411. මේක සියයට සීයයක් ශ්‍රී ලංකන් lineage එකක්. අනෙක් කරුණ තමයි එංගලන්තයේත් දකුණු අප්‍රිකාවේත් පැතිරි යන ප්‍රභේද දෙකම පසුගිය සතිවලින් හමුවුණේ නෑ. හැබැයි අපේ Sequencing වලදී තව අලුත් විශේෂිත වූ lineage එකක් හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ B.1.258 කියන එක. ඒකේ 69 යි 70 deletion එකක් තියෙනවා. ඊට අමතරව ඒකේ mutation එකක් හඳුන්වලා තියෙනවා N439K. මේ infection එක වේගයෙන් පැතිරීමේ හැකියාව තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් දැනට වාර්තාවෙලා තියෙන්නේ එංගලන්තය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය කියන රටවල්වල. ඉතින් මේ lineage එකට සම්බන්ධ වූ රෝගීන් පසුගිය සතියේ අපිට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මොනොක්ලෝන ඇන්ටිබොඩිස්වලින් ඒක අහුවෙන්නේ නැතිව ඉවේඩ් වෙනවා කියලා. ඒ පිළිබඳව අපි වැඩිදුරටත් අධ්‍යයන කරගෙන යනවා. මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් අරගෙන තියෙන නිසා ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නෑ. තාමත් මේ vaccine immunity  එකට මේ Genetic mutation එකත් කිසිම බලපෑමක් නෑ කියන එක තමයි වාර්තා තියෙන්නේ. ඊළඟ පර්යේෂණ මට්ටම අපි ලබන සුමානේ පටන් ගන්නවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28