50%ක අධිභාරයක් පැනවීමට ගත් තීරණයත් සමඟ මෝටර් රථවල මිල ඉහළ යන්නේ මෙහෙමයි

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත, 50%ක අධිභාරයක් අය කිරීම රජය අද (16) සිට ක්‍රියාත්මක කිරීම තුළ වාහනවල මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරිංචිගේ අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

ඒ, අනුව සභාපතිවරයා සඳහන් කර සිටියේ මෙම 50%ක අධිභාරයක් අය කිරීම තුළ මෙරටට ආනයන කරනු ලබන හොන්ඩා වෙසෙල් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10-12ත් අතර ගණනකින් මිල ඉහළ යන බවයි.

එමෙන්ම ටොයෝටා යාරිස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 05ත් 06ත් අතර ගණනකින් සහ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් ද රුපියල් 05ත් 06ත් අතර ගණනකින් මිල ඉහළ යන බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව ටොයෝටා රේස් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 06-07ත් අතර ගණනකින් සහ ප්‍රාඩෝ 250 වර්ගයේ ජීප් රථයක මිල ලක්ෂ 30-35ත් අතර ගණනකින් මිල ඉහළ යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ, අනුව සභාපතිවරයා සඳහන් කර සිටියේ, වහනයක් මිල දී ගැනීමට බලාපොරොත්තුවනවා නම් පෞද්ගලිකව වාහන ආනයන කරගැනීමෙන් පරිබාහිරව මේ වනවිට වෙළඳපොළේ පවතින වහනයක් මිලදී ගැනීම වඩාත් සුදුසු බවයි.

වාහන ආනයනය මත පනවනු ලබන 30%ක රේගු ආනයන බද්දට 50%ක අධිභාරයක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කළ අතර, අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා මෙම අධිභාරය පැනවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15