5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනිදා 

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය (2023) ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (15) සිට ජූලි 06 දක්වා අයදුම්පත් කැඳවනු ලබන බවයි .

ලබන ජූලි මස 06 වනදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තැබෙන අතර කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්

WhatsApp Image 2023 06 15 at 11.27.16 AM