25,000ක ණයක් වෙනුවෙන් ඇපයට තබා ගිය දරුවා මියගොස් වළ දමා තිබියදී සොයාගෙන

රුපියල් 25,000ක ණයක් වෙනුවෙන් ඇපයක් ලෙස පුද්ගලයෙකු ළඟ තබාගිය දරුවෙකුගේ මළ සිරුරක් වළ දමා තිබියදී සොයාගත් පුවතක් ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ගෝත්‍රික ප්‍රජාවකට අයත් අනකම්මා නැමැති කාන්තාව, ඇගේ සැමියා වන චෙන්චයියා සහ ඔවුන්ගේ පුතුන් තිදෙනා සමඟ තිරුපති හි තාරාවන් ඇති කරන්නෙකු යටතේ කලක් සේවය කර තිබෙනවා.

වසරක පමණ කාලයක් ඔවුන් අදාළ පුද්ගලයා යටතේ සේවය කර ඇති අතර, එම කාන්තාවගේ සැමියා ඒ අතර තුර මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තරා ගොවිපොළේ හිමිකරු අන්කම්මා සහ ඇගේ දරුවන් තිදෙනා වැඩ කිරීමට දිගටම තබාගෙන ඇති අතර, ඇගේ සැමියා ඔහුගෙන් රුපියල් 25,000ක ණය මුදලක් ලබාගෙන ඇති බැවින් ඔවුන්ට පිටව යා නොහැකි බවයි පවසා ඇත්තේ.

තරා ගොවිපොළේ හිමිකරු කාන්තාවට සහ දරුවන් තිදෙනාට ඉතා දිගු කාලයක් වැඩ කිරීමට බල කළකර ඇති බවත්, එලෙස වැඩකරන අතර තුර කාන්තාව වැඩි වැටුප් ඉල්ලා සිටි බවත්, නමුත් ගොවිපොළේ හිමිකරු එය ප්‍රතික්ෂේප කර ඇති බවයි අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් කාන්තාව එම ස්ථානයෙන් පිටව යාමට කැමති බව තරයේ කියා සිටි විට, ඔහු ණය ආපසු ගෙවීම සඳහා පොලියත් සමඟ රුපියල් 45,000ක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම මුදල් සකස් කිරීමට ඇය දින 10 ක් ඉල්ලා ඇති අතර, එහිදී ඇගේ දරුවන්ගෙන් එක් අයෙකු ඇපයක් ලෙස තබා යාමට සිදුවන බව ගොවිපොළේ හිමිකරු පවසා තිබෙනවා.

විකල්පයක් නොමැතිව, කාන්තාව අකමැත්තෙන් වුවද එම යෝජනාවට එකඟ වී දරුවන් දෙදෙනෙකු සමඟ ගොවිපොළෙන් පිටව ගොස් තිබෙනවා.

අදාළ කාන්තාව ඉඳහිට තම පුතාට දුරකථනයෙන් කතා කළ අතර, සෑම අවස්ථාවකම, ඔහු ඇයට වැඩිපුර වැඩ ඇති බව පවසමින් තමාව රැගෙන එන ලෙසයි පවසා ඇත්තේ.

අප්‍රේල් මාසයේ අවසාන සතියේ, එම කාන්තාව මුදල් සකස් කර ගැනීමට සමත් වූ අතර, තාරාවන් ඇති කරන්නා අමතා තම පුතා රැගෙන යාමට පැමිණෙන බව පවසා තිබෙනවා.

එහිදී පිරිමි ළමයා වෙනත් තැනකට යවා ඇති බව එම පුද්ගලයා මුලින් ඇයට පවසා ඇති අතර, ඇය දරුවා පිළිබඳව දිගින් දිගටම තොරතුරු ඉල්ලා සිටිය දී පිරිමි ළමයා රෝහල් ගත කර ඇති බවත්, අවසානයේ ඔහු පලා ගොස් ඇති බවත් ඔහු පවසා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තම පුතාට යමක් සිදුවී ඇතැයි බියෙන් කාන්තාව ප්‍රාදේශීය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණිල්ල මත විමර්ශන ඇරඹු පොලිසිය සැකකාර ගොවිපොළ හිමිකරුගෙන් ප්‍රශ්න කර ඇති අතර, පිරිමි ළමයා මිය ගොස් ඇති බවත්, ඔහුගේ මළ සිරුර කාංචිපුරම්හි රහසිගතව වළ දැමූ බවත් පපොච්චාරණය කර තිබෙනවා.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ගොවිපොළ හිමිකරු, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ පුතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුගියදා කටයුතු කර ඇත්තේ.

පසුගිය අඟහරුවාදා වළ දමා තිබූ දරුවාගේ දේහය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහන් යොමුකර ඇතිබව මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54