2026 වර්ෂය සඳහා වූ ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනය හා 2026(1) පරිපූරක ඡන්දහිමි නාමලේඛනය අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ඡන්දහිමියන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම එක් එක් මැතිවරණ කොට්ඨාසය සඳහා තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව ද එම කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ හා සම්බන්ධ අංක 2511/02 දරණ අති විශේෂ ගැසට් නිවේදනය 2026 ඔක්තෝබර් 19 වැනි දින නිකුත්කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

