ප්‍රථම ජාතික යොවුන් වූෂූ තරගාවලිය (2023) ගරු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද දින (15) ආරම්භ කරන ලදි.
මෙම තරගාවලිය සඳහා පළාත් නවයම නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වී සිටි අතර දිවයිනේ ප්‍රථම වතාවට පළාත් නවයම නියෝජනය වන පරිදි කණ්ඩායම් සහභාගි වන බව වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා සඳහන් කර සිටියහ.
මේ සදහා චීන තානාපති ගරු චීෂෙන්හොං (QI shenghon) මැතිතුමා,හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග,සංස්කෘතික කවුන්සිලර් සැන්ග් ඉන්ග්බෝ,ජාතික තරුණ සේවා සභා සභාපති පසිඳු ගුණරත්න,ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ දුවා දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.
2023 ජාතික යොවුන් වූෂූ තරගාවලිය ආරම්භ වේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1
දසත උණුසුම් වීඩියෝ පුවත්
Subscribe
Login
0 Comments