11 දෙනෙකු පැහැරගෙනගොස් ඝාතනය කිරීමට අදාළ නඩුවේ විත්තිකරුගේ ඇප කොන්දේසි ලිහිල් කරන ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චිට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

තරුණයන් ඇතුළු 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙනගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ 10 විත්තිකරු ලෙස නම්කර ඇත්තේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චියි.

ඊට අදාළ නඩුව අමල් රණරාජා, නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද කැඳවනු ලැබුවා.

අධි චෝදනා 667ක් යටතේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

සෑම මසකම පළමු සහ තෙවන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස මෙලෙස අද අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබු නමුත් එම විත්තිකරු වසර දෙකකට ආසන්න කාලයක් අධිකරණය මගහැර රටින් පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙක් බැවින් ඇප කොන්දේසි ලිහිල් නොකරන බව අධිකරණය අද දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56