09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය අද ඇරඹේ

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය අද (07) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

නව සභා වාරය අරඹමින් අද (07) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අද ඉදිරිපත් කරන ආණ්ඩුවවේ ප්‍රතිපත්තිය ප්‍රකාශ සම්බන්ධයෙන් වන විවාදය ලබන 08 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය ජනවාරි 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සිදුකළා.

මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුව පසුගියදා දැනුම් දුන්නා.