spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෝටල් කාමරයක කාන්තා මළ සිරුරක්

අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් මෙලෙස අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම තරුණිය ඊයේ (10) සවස පුද්ගලයෙක් සමඟ අදාළ හෝටලයේ කාමරයක් වෙන් කරවාගෙන තිබෙනවා.

කෙසේනමුත් ඔවුන් දෙදෙනා කාමරයට ගොස් මද වේලාවකට පසුව තරුණිය සමඟ කාමරයේ සිටි පුද්ගලයා හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දී ඇත්තේ තරුණිය සිහිසුන් වී ඇති බවයි.

ඉන්පසුව මේ පිළිබඳව හෝටල් කළමනාකාරීත්වය පොලීසියට දැනුම් දී තිබෙනව.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්වා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
3
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?