කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක තෙවන මහලෙන් බිමට වැටී අද (31) අලුයම පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ හෝටලයේ මුදල් අයකැමිවරයා බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ දෙනිපිටිය, වරකාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රිද්ම තරංග නැමැති 26 හැවිරිදි තරුණක් බවයි වාර්තා වන්නේ.
ඊයේ (30) රාත්‍රී 11.00ට පමණ හෝටලය වසා ඇති අතර, අලුයම 2.00ට පමණ මුදල් අයකැමිවරයා හෝටලය ඉදිරිපිට ලේ පෙරාගෙන වැටී දඟලමින් සිටින අයුරු එහි වේටර්වරයකු දැක තිබෙනවා.
පසුව ඔහු කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
තරුණයාගේ මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
මියගිය තරුණයා වසර දෙකහමාරකට පමණ ඉහත දී අදාළ හෝටලයේ රැකියාවට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


















WATENN U BABEK NOWEYI NE, NAKI KENEKUTH NOWEYI, EKA BEELA NOHITIYANAM, NIDHA MATHE HO NINDEN EWIDINA KENEK NOWEY NAM MEKA WENAMA DEYAK HOYANNAMA ONA WENA. HOTEL EKE SALLI ADU NATHINAK, WENA KENEK ATHULATA AWA NATHINAM (CCTV) OKA ATHULEMA WEDAK. MEKA THIYENNE KESBEWA FOOD CITY EKATA YABADHAWA, OKA IDHIRIYEN YANA PARA BYPASS ROAD EKA SAHA PILIYANDALA HORANA PARA SAMBANDHA KERENAWA. BYPASS EKA PATHTHEN PENENNE WELA. EKA RETA PENNE NAHE, 120 PARA PATHTHEN PENNE KESBEWA WEWA. EKA ME WELAWATA PENNETH NAHE. ITHIN MEKA OTHANATA YANNA HETHUWAK NAHE, BONNA HO WENA GENIYEK ARAGENA GIYE NATHINAM. EYE ADA SATHIYE DAWAS. BUSINESS ADUYI OTHANATA KOHOMATH BUSINESS NAHE, EYI BANDARAGAMA PAREYI ALUTHMA THAN 2 THIYEA NISA. MEYATA PADI DEELA DHA, MEYA USWELA YANNA HITIYA DHA, KATA HARI NAYA DUNNA DHA, MEYA GATHTHA DHA, WENA HORA GENU CASE THIYENAWA DHA, SAMALINGIKA DHA, DRUGS GANNAWADHA DANNE NANAHE