හොරාට රන් ගෙන ආ ව්‍යාපාරිකයා රේගු දැලේ

රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14ක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් ඊයේ (27) කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වත්තල, මාකොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

මොහු ඊයේ (270 පස්වරුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල් – 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයා රැගෙන විත් තිබූ ගමන් මළු පරික්ෂා කිරීමේ දී ඒවායේ සඟවා තිබූ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 314ක් බරැති රන් බිස්කට් 14 ක් සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්