හෙට උණුසුම් කාලගුණය ගැන ජනතාවට දැනුම් දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට (21) දිනයට වලංගු වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ නැගෙනහිර, උතුර, උතුරු මැද, බස්නාහිර වයඹ සහ මොණරාගල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සඳහායි.

එම දිස්ත්‍රික් සහ පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ හේතුවෙන් වැඩ බිම් තුල ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුයි.

නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වීම ද අත්‍යවශ්‍ය වනවා.

කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතුයි. ඊට අමතරව සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසට ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකර එළියට ඇවිත් කිව්ව දේ - ආණ්ඩුවේ හොරු ඉස්සෙල්ලා අල්ලලා පස්සේ අනිත් අය අල්ලන්න
01:47
Video thumbnail
ගොන් මාධ්‍ය ටිකක් තියෙනවා - ඒවත් එක්ක මේවා ඉස්සරහට යන්න අමාරුයි
04:10
Video thumbnail
කපිලගේ නඩුවට ඇපකරුවන් සොයාදුන් තැරැව්කරුවන් රිමාන්ඩ්
01:04
Video thumbnail
මෙහෙම කරයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ
03:48
Video thumbnail
ජනතාව තවත් ඉවසනවා ද.. දැන්වත් නැගිටිනවා ද..?
04:53
Video thumbnail
පන්න පන්න ජනතාවගෙන් පළිගන්න ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ
06:00
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53