AFC Banner
Empty Ad
Empty Ad

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඇප (වීඩියෝ)

බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණ රාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18 කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් සහ රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක් ද නියම කරනු ලැබුවා.

එම දඬුවම්වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇපෑලක් ඉදිරිපත් කර ඇති නිසා ඇයව ඇපමත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කළ ඇප ඉල්ලීමකට අනුවයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
17
+1
1
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?