විහාරස්ථානයේ විහාරාධීපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් සකපිට එම විහාරස්ථානයේ වඩවිසූ තවත් හිමිනමක් අත්අඩංගුවට ගත් පුවතක් සීදූව-වෑත්තෑව ප්‍රදේශයෙන් වාර්ථා වෙනවා.
එම හිමියන් අද(15) අලුයම ඩුබායි බලා පිටත්වීමට තැත්කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
18 හැවිරිදි වියේ පසුවන හිමිනම මේ වන විට සීදූව පොලිස් භාරයේ පසුවන අතර පොලීසිය සඳහන් කලේ සිද්ධියට අදාලව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.













