spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු සභාපතිවරයෙක් ගසක් මත නැග මාරාන්තික උපවාසයක

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා ගසක් උඩ නැග මාරාන්තික උපවාසයක නිරතවනවා.

මීට හේතුව වී ඇත්තේ උතුරුමැද පළාත් සමූපකාර කොමසාරිස්තුමියගේ ක්‍රියා කලාපය බවටයි වාර්තා වන්නේ.

ඇළහැර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය පැවැත්වීමෙන් පසු ව ඡන්දයෙන් තේරී පත් වූ අධ්‍යක්ෂ මණ්ඩලයට කොමසාරිස්වරිය විසින් පත් කරන ලද අධ්‍යක්ෂ ධුර නිසා සිදු වූ අසාධාරණයකට එරෙහිවයි හිටපු සභාපතිවරයා මෙලෙස උපවාසයේ නිරත වන්නේ.

එම පත් කිරීම්වලට විරෝධය පළ කරමින් හිටපු සභාපති එම්.ජයවර්ධන; කොමසාරිස්තුමියට විරෝධය පළ කරමින් විවිධ සේවා සමූපකාර භූමියේ නුග ගසක් උඩ නැග මරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සභාපතිවරයා ආබාධිත විශ්‍රාමික රණවිරුවෙක් ද වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?