හිටපු සභාපතිවරයෙක් ගසක් මත නැග මාරාන්තික උපවාසයක

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා ගසක් උඩ නැග මාරාන්තික උපවාසයක නිරතවනවා.

මීට හේතුව වී ඇත්තේ උතුරුමැද පළාත් සමූපකාර කොමසාරිස්තුමියගේ ක්‍රියා කලාපය බවටයි වාර්තා වන්නේ.

ඇළහැර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය පැවැත්වීමෙන් පසු ව ඡන්දයෙන් තේරී පත් වූ අධ්‍යක්ෂ මණ්ඩලයට කොමසාරිස්වරිය විසින් පත් කරන ලද අධ්‍යක්ෂ ධුර නිසා සිදු වූ අසාධාරණයකට එරෙහිවයි හිටපු සභාපතිවරයා මෙලෙස උපවාසයේ නිරත වන්නේ.

එම පත් කිරීම්වලට විරෝධය පළ කරමින් හිටපු සභාපති එම්.ජයවර්ධන; කොමසාරිස්තුමියට විරෝධය පළ කරමින් විවිධ සේවා සමූපකාර භූමියේ නුග ගසක් උඩ නැග මරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සභාපතිවරයා ආබාධිත විශ්‍රාමික රණවිරුවෙක් ද වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17