හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු සහ ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන පාකිස්ථාන ජාතික අසාද් රවුෆ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කල පරිදි ඔහු මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් වන අතර මියයනවිට ඔහු 66වන වියේ පසුවුනි.
කැපී පෙනෙන විනිසුරුවරුවරයෙකු වු අසාද් රවුෆ් එක්දින තරග 139ක්, ටෙස්ට් තරග 66ක් සහ 20/20 තරග 28ක් සඳහා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත.













