හිටපු ජනපති ගෝඨාභය ඇතුලු පිරිසකට නඩු පවරන බව රිෂාඩ් බදියුදීන් කියයි

අසත්‍ය චෝදනා මත තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (ACMC) පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී බදියුදීන් චෝදනා කළේ දේශපාලන වාසි තකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) අධ්‍යක්ෂවරයා එක්ව තමන්ව වසර 5ක් සිරගත කර තැබීමට සැලසුම් කර තිබූ බවයි.

තමාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් තම විෂය පථය යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ නිසා තමාට එරෙහිව පවරා ඇති සියලුම නඩුවලින් තමා නිදහස් වූ ඇති බව ඔහු ප්‍රකාශ කළා.

තමන් වැරදි ලෙස රඳවා තබා ගැනීමට එරෙහිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලුම නිලධාරීන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කියාසිටියේ.

නඩු පවරා එම පුද්ගලයන්ගෙන් වන්දි ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26